ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පළාත් පාලන ආයතනවලට 25% කාන්තා නියෝජනය අනිවාර්යයි- අමාත්‍ය ෆයිසර් මුස්තාපා

    මාර්තු 02, 2018

    පළාත් පාලන ආයතනවලට සභිකයින් පත් කිරීමේ 25% කාන්තා නියෝජනය අනිවාර්යය බවත් යම් පළාත් පාලන ආයතනයකට 25%ක් කාන්තා නියෝජනයක් නැතිනම් එහි නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්න ඇති විය හැකි බවත් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

     
    පළාත් පාලන ආයතනවලට 25%ක් කාන්තා සභිකයින් පත්කර එවන ලෙසට මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට හා ස්වාධීන කණ්ඩායම් නායකයින්ට දැනුම් දෙමින් යැවූ ලිපිය විකෘති කරමින් 25% කාන්තා නියෝජනය අනිවාර්යය නොවන බව සමහරුන් ප්‍රචාරයක් ගෙන යාම නිසා කාන්තාවන් පත් කිරීම ප්‍රමාද වී ඇති බවද ඇමැතිවරයා කීය.
     
    අමාත්‍යවරයා අද (2) මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මෙසේ සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya