ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    2018 අප්‍රේල් 27 වැනි දින පැවැති අන්තර්-කොරියා නායක හමුව සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන නිවේදනය

    මැයි 11, 2018

    කොරියානු ජනරජයේ හා කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජයේ නායකයන් අතර 2018 අප්‍රේල් මස 27 වැනි දින පැවැති අන්තර්-කොරියා හමුව සහ කොරියානු අර්ධද්වීපයේ සාමය, සෞභාග්‍යය හා එක්සත්වීම උදෙසා වූ පන්මුන්චොම් ප්‍රකාශනය සම්මත කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කරයි.

    කොරියානු අර්ධද්වීපයට තිරසර සාමය හා සෞභාග්‍යය උදාකර ගැනීමත් සත්‍යෙක්ෂණය කළ හැකි පරිද්දෙන් කෙරෙන න්‍යෂ්ටිකහරණයත් සඳහා සංවාදය, රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ විශ්වාසය ගොඩනැංවීම ඔස්සේ ඉදිරියට යෑම අරමුණු කර ගනිමින් එකී ප්‍රකාශනයෙන් එකඟ වූ ක්‍රියා මාර්ග සහ දෙන ලද වැදගත් ප්‍රතිඥා ක්‍රියාත්මක කිරීම අපි උදක්ම බලාපොරොත්තු වන්නෙමු.

    2018 ජූනි 12 වැනි දින සිංගප්පූරුවේදී පැවැත්වීමට අපේක්ෂිත ඇමෙරිකා එක්සත් ජනපදයේ හා කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජයේ නායකයන් අතර හමුවේදී, පන්මුන්චොම් නායක හමුවේදී හිමි කරගත් ජයග්‍රහණ තවදුරටත් ශක්තිමත් කොට ඉදිරියට ගෙන යනු ඇතැයිද අපි අපේක්ෂා කරමු.

     

    විදේශ කටයුතු අමාත්‍යාංශය

    කොළඹ

    2018 මැයි 11 වැනිදා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya