මෙය එම කාර්තුව තුළ අපේක්ෂිත ආදායමෙන් 90.2% කි. එයින් රුපියල් බිලියන 425 ක් බදු මඟින් ද රුපියල් බිලියන 44ක් බදු නොවන මුලාශ්‍ර මඟින්ද ලැබි ඇතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවිර මහතා විසින් 2018 මුල්‍ය වර්ෂයේ පළමු වන කාර්තුව තුළ රජයේ ආදායම් සහ වියදම් පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට ඇති වාර්තාවේ දැක් වේ.
මෙම ආදයමෙන් රුපියල් බිලියන 403ක් එම කාලය තුළ රජයේ වියදම් වශයෙන් යොදා ගෙන තිබේ. එසේ ම 2018 වර්ෂයේ පළමුවන කාර්තුව තුළ ක්‍රියාත්මක වු ව්‍යාපෘති 1354ක් අතුරින් ව්‍යාපෘති 561 නිම කොට ඇති අතර එහි භෞතික ප්‍රගතිය කාර්තුවේ ඉලක්කයෙන් 75%කට වඩා වැඩි බව ද එහි සඳහන් වේ.එහෙත් තවත් ව්‍යාපෘති 444ක භෞතික ප්‍රගතිය 25%කට වඩා අඩු බව වාර්තාවී ඇතැයි ද මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයාගේ වාර්තාවේ දක්වා ඇත.මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරිම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇතැයි සම කැබිනට් ප්‍රකාශක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.