ඒ අනුව අගෝස්තු 16 වැනි දින ප.ව. 6.16 යෙදෙන සුභ මොහොතින් ශ්‍රී ධන්ත ධාතු මන්දිරිය ඉදිරිපිටින් ආරම්භ කෙරෙන පෙරහැර දළදා වීදිය, ඩී එස් සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහලට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ පැමිණ ගෙවැදීමට නියමිතය.
අගෝස්තු 16 වැනි දිනෙන් ආරම්භ වන කූඔල් පෙරහැර අගෝස්තු 20 වැනි දින දක්වා පැවැත්වෙන අතර, අගොස්තු 21 වැනි දිනෙන් ආරම්භ වන රන්දෝලි පෙරහැර අගොස්තු 24 වැනි දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ. අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වෙන්නේ අගෝස්තු 25 වැනි දින රාත්‍රී 7.58 ටය.
දිය කැපුම් පෙරහැර 2018 අගෝතු මස 25 වැනි දින රාත්‍රී 01 පසුවී විනාඩි 03 ට ආරම්භ කෙරෙන අතර, ගැටඹේ තොටේදී දියකැපීමේ මංගලෝත්සවය සිදු කොට ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජාව ඉටු කිරීමට නියමිතය.
2018 අගෝස්තු 26 වැනි දින පැවැත්වෙන දවල් පෙරහැරෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරහැර සමාප්ති උත්සවය පැවැත්වෙනු ඇත.
පසුගියදා මහනුවර දළදා මාලිගාවේදී පැවති පෙරහැර සංවිධාන කමිටුවේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් මේ පිළිබද ප්‍රකාශ කරන ලදී. මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතාගේ සංවිධානයෙන් රැස්වීම පැවැත්විනි.