ඒ අනුව මේ වනවිට දුම්රිය පාලක මැදිරියට සේවකයින් පිරිසක් වාර්තා කර ඇති බවත් සඳහන් කළ සාමාන්‍යාධිකාරීවරයා, හෙට දින වන විට දුම්රිය ගමනාගමනය යථාතත්ත්වයට පත් වනු ඇති බව ද ප්‍රකාශ කළේ ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පොළොන්නරුවේ පිහිටි නිල නිවසේ දී අද (12) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය නතර කිරීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
පසුගිය 08 දින ආරම්භ කෙරුණු වර්ජනය හේතුවෙන් මගී ජනතාව මෙන්ම මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ද බලවත් අපහසුතාවයට පත් විය.