ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    “ජාතික තිරසර දැක්ම“ කතිකාව කොළඹ විශ්වවිද්‍යාලයේදී

    අගෝස්තු 22, 2018

    ජනාධිපති විශේෂඥ කමිටුව විසින් සම්පාදිත ජාතික තිරසර දැක්ම කතිකාව  ඊයේ (20) කොළඹ විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.

    විශ්වවිද්‍යාලවල ප්‍රමුඛ මහාචාර්යවරුන්, ශාස්ත්‍රපතීන් සහ අනෙකුත් පිරිස් තිරසර සංවර්ධනය සඳහා වූ ජනාධිපති විශේෂඥ කමිටුව විසින් සම්පාදනය කරනු ලබන “ තිරසර දැක්ම” කතිකාව සඳහා සහභාගි වූහ.

    මෙම කතිකාවේ අදහස් දැක්වූවන් අතර උප කුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක, තිරසර දැක්ම සඳහා වූ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති මහාචාර්ය මොහාන් මුණසිංහ සහ කණ්ඩායම් සාමාජික මහාචාර්ය සිරි හෙට්ටිගේ වෙති.

    මෙම සාකච්ඡාව හරහා අවධානය යොමු කරනු ලැබුවේ සියලු අංශවල සංවර්ධනය පිළිබඳ අදහස් දැක්වීම ජාතික තිරසර දැක්ම ක්‍රියාවලියේ පාර්ශ්වකරුවන් ලෙස විශ්වවිද්‍යාල උප කුලපති සහ අනෙකුත් සාමාජිකයින් විසින් ලබා දෙන සහාය පිළිබඳවය. මීට අමතරව විවිධ පීඨවල වූ මහාචාර්යවරුන් මෙම සාකච්ඡාවේ කොටස්කරුවන් වූ අතර තිරසර සංවර්ධන ඉදිරියට ගෙන යාමේ දී විවිධ අංශ කෙරේ ප්‍රවේශ ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

    තවදුරටත් පළමු ලියවිල්ලේ අඩංගු කරුණු පෝෂණය කිරීම උදෙසා පීඨයේ සාමාජිකයන් විසින් එම ලියවිල්ලේ යම් යම් අංශ සඳහා යෝජනා එකතු කරන ලදී.

    මෙහිදී නිගමනයකට එළඹියේ මහාචාර්ය මොහාන් මුණසිංහ සහ අනෙකුත් සාමාජිකයින් විසින් වන අතර ජාතික තිරසර කතිකාවට සහභාගිත්වය පෙන්වීම උදෙසා සියලු පුරවැසියන් සමාජයක් ලෙස කටයුතු කළ යුත්තේ කෙසේද යන්න දීර්ඝ ලෙස විස්තර කළහ.

    ජනාධිපති කාර්යාලයේ තිරසර සංවර්ධන අංශය මෙම වැඩසටහන් ඉදිරි මාස කිහිපය තුළ දී රටේ විශ්වවිද්‍යාල සමඟ පැවැත්වීමට බලාපොරොත්තු වෙයි.

    හරින්ද්‍ර බී.දසනායක : ප්‍රතිපත්ති පර්යේෂණ සම්බන්ධ ජනාධිපති  ජාත්‍යන්තර මාධ්‍ය අධ්‍යක්ෂ සහ තිසුරි වන්නිආරච්චි මෙනෙවිය ජාතික සම්බන්ධීකාරක – තිරසර සංවර්ධන අංශය මෙම අවස්ථාව සම්බන්ධීකරණය කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya