ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මුඛ පිළිකා, නොබොන දුම්කොළ සහ පුවක් පිළිබඳ පවත්වන ප‍්‍රථම අන්තර්ජාතික සමුළුව

    අගෝස්තු 05, 2014

    මුඛ පිළිකා, නොබොන දුම්කොළ සහ පුවක් පිළිබඳ පවත්වන ප‍්‍රථම අන්තර්ජාතික සමුළුව සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අගෝස්තු 08 සහ 09 දෙදින මහනුවර  "අර්ල්ස් රීජන්ට්" හෝටලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.  


    සියලුම පිළිකා අභිබවා යමින් ශ‍්‍රී ලංකාවේ මුඛ පිළිකා ව්‍යාප්තිය වසරින් වසර ඉහළයමින් පවතී. 2007 වසරේ ජාතික පිළිකා දත්තවලට අනුව නව මුඛ පිළිකා රෝගීන් 1813ක් වාර්තා වී ඇති අතර එය සමස්ත පිළිකා අතරින් 13.3% ප‍්‍රතිශතයකි. මුඛ පිළිකා නිසා සිදුවන දළ මරණ අනුපාතය ද ඉතා ඉහළ අගයක් ගනී. ඒ අනුව දිනකට මේ රෝගය නිසා පුද්ගලයන් 03 දෙනෙකු පමණ මියයන බව ගණනය කොට ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 


    ශ‍්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල වසංගතයක් වැනි මෙම රෝගය හට ගැනීමට ප‍්‍රධාන හේතුව වන්නේ මෙම රටවල ගතානුගතික පුරුද්දක් ලෙස සැපීමට භාවිත කරන බුලත්විටෙහි අඩංගු දුම්කොළ සහ පුවක් වේ. මේ අනුව මුඛ පිළිකාව වැළැක්වීමට නම් අප පළමුවෙන්ම මුඛ පිළිකාව, දුම්කොළ සහ පුවක් පිළිබඳ නවීනතම දැනුමෙන් සන්නද්ධ විය යුතුයි. දෙවනුව අප රටෙහි නීතී සම්බන්ධව ක‍්‍රියාකරන නිලධාරීන් සහ බලධාරින් මෙන්ම ජනතාව ද දැනුවත් කළ යුතුය. 

    මෙහි අවාසනාවන්ත තත්ත්වය වන්නේ මුඛ පිළිකාව වළක්වා ගත හැකිවීමයි. ඒ සඳහා මූලික පියවරක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගයෙන් සහ කොරියානු යොන්සෙයි විශ්වවිද්‍යාලයේ මුඛ පිළිකා පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ සහභාගීත්වයෙන් පේරාදෙණිය මුඛ පිළිකා පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය, දන්ත වෛද්‍ය පීඨය හා ජාතික පිළිකා මර්දන වැඩසටහන එක්ව මෙම අන්තර්ජාතික සමුළුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මෙය මුඛ පිළිකා, නොබොන දුම්කොළ සහ පුවක් පිළිබඳ පවත්වන ප‍්‍රථම අන්තර්ජාතික සමුළුව වන අතර මෙම විෂයන් සම්බන්ධව පරිණත දැනුමක් ඇති විදේශීය විද්‍යාඥයන් විශාල පිරිසකගේ ද සහභාගීත්වයෙන් සිදුකිරීමට නියමිතය. මෙම සමුළුව අවසානයේ දී  "මුඛ පිළිකා, නොබොන දුම්කොළ සහ පුවක් පිළිබඳ අන්තර්ජාතික ප‍්‍රඥප්තිය" ද එළිදැක්වීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya