ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අද දිවයිනට අකුණු සමඟ වැඩිපුර වැසි Featured

    ඔක්තෝබර් 03, 2014

    අද (03) දිනයේ දී අකුණු සමඟ වැඩිපුර වැසි අපේක්ෂා කෙරේ, නමුත් හෙට දිනයෙන් පසුව මෙම තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  


    අද උදෑසන 05.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී  දිවයින පුරාම පාහේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි පැතිර යයි. සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ද ඇති විය හැක.


    බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති විය හැක.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය 

     

    ගාල්ල සහ කොළඹට උදෑසන කාලයේ වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි.

    ත්‍රිකුණාමලයට යාපනයට මන්නාරමට අනුරාධපුරයට මඩකළපුවට නුවරඑළිය, මහනුවර සහ රත්නපුරයට අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය              


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 8.8ක වර්ෂාපතනයක් පුත්තලමෙන් ද මි.මී. 4.3ක වර්ෂාපතනයක් පොතුවිල් ද මි.මී. 4.7ක වර්ෂාපතනයක් මඩකළපුවෙන් ද මි.මී. 4.0ක වර්ෂාපතනයක් මත්තලින් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.°C අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.8°C පොලොන්නරුව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද මි.මී. 86.0ක උපරිම වර්ෂාපතනය පස්යාල ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya