අද උදෑසන 05.30ට ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය ගැන නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ.
කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තාවකාලික ව තද සුළං ඇතිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. මේ පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන මෙන් මෙම ප්‍රදේශවල නාවික කටයුතුවල යෙදෙන ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලාසිටී.
සාමාන්‍යයෙන් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ රළු නො වේ.
HC



















