ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    නායකත්ව හැකියා සහ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ පාඨමාලාවේ දෙවන අදියර අද ඇරඹේ Featured

    ඔක්තෝබර් 04, 2014

    - හජ්ජි උත්සවය සමරන්නන්ට ආරම්භක දිනය 07 වෙනිදා    

     

    උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින් මෙහෙයවන නායකත්ව හැකියා සහ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ පාඨමාලාවේ දෙවන අදියර අද (04) දින දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිත බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසී ය.

     

    ලබන 06 වැනි දා මුස්ලිම් බැතිමතුන්ගේ ජාතික උත්සවයක් වන හජ්ජි උත්සවය පැවැත්වෙන බැවින් මුස්ලිම් ජාතික ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා ඔක්තෝබර් 07වන දිනට එම පුහුණුව සඳහා සහභාගීවීමට අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර තිබේ.

     

    මෙම වසරේ පුහුණුව සඳහා සහභාගීවීමට නියමිත සමස්ත ළමුන් ප‍්‍රමාණය 23000ක් වන අතර පළමු අදියර සඳහා සිසුන් 7030ක් දීප ව්‍යාප්තව කඳවුරු 19කට සහභාගී වූහ. පසුගිය 26වන දින පළමු අදියර අති සාර්ථක ලෙස නිමා විය. දෙවැනි අදියර සඳහා සිසුන් 9215ක් දීප ව්‍යාප්තව පාබල හමුදා, නාවුක හමුදා සහ ගුවන් හමුදා කඳවුරු 20ක් සඳහා යොමු කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසී ය.

     

    නායකත්ව පුහුණු වැඩසටහන විශ්වවිද්‍යාලයන්ට ඇතුළත් වීමට නියමිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අලුත් ම අත්දැකීමක් වූ අතර මේ වනවිට ඒ සඳහා ඇතුළත්වීමට සිසුන්ගේ ඇති උනන්දුව තීව‍්‍ර වී තිබෙන බව ද පැවසී ය. මේ වනවිට විශ්වවිද්‍යාල පද්ධතිය ස්ථාවරව පවත්වාගැනීමට මෙන් ම සිසුන්ගේ විනය, පිරිසිදුකම, නායකත්ව හැකියා වර්ධනය කිරීම, ධනාත්මක ආකල්ප වර්ධනය සඳහා නායකත්ව පුහුණු වැඩසටනෙන් ලැබී ඇති පිටිවහල අතිමහත් බව ද දිසානායක මහතා සඳහන් කළේ ය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya