ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයට චීන ආධාර

    ඔක්තෝබර් 05, 2014

    චීන රජයේ ආරාධනයකට අනුව කථානායක චමල් රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්ඩායමක් වයඹ දිග චීනයේ ෂාන්ෂී ප්‍රාන්තයේ අගනුවර වන ෂියං (Xian) නගරයේ පැවැත් වූ ජාත්‍යන්තර සාම දිනය සැමරීමේ සමාරම්භක උත්සවයට සහභාගී වූහ.  


    මෙම උත්සවය පැවැත්වූයේ වඩා “ආරක්‍ෂිත ආසියාවක් උදෙසා” (People expecting a safer Asia) යන තේමාව යටතේය.

     

    ඉකුත් සැප්තැම්බර් 23 වැනි දින පැවති සමාරම්භක උත්සවයෙන් පසු දූත පිරිස චීනයේ ෂැන්ඩොන් ප්‍රාන්තයේ ජිනාන්, කුෆු සහ ක්වින්ඩාවෝ යන නගර තුනක සංචාරයක යෙදිණි. එහිදි එම නගර ප්‍රධානීන් සහ පරිපාලකයින් සමග ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනු ලැබූහ.

     

    විශේෂයෙන් ක්වින්ඩාවෝ නගරයේදී පවත්වන ලද එක් සාකච්ඡාවක් අතරතුරදී චීන සාගර විශ්වවිද්‍යාලයේ සභාපති මහාචාර්ය යූ. ෂීගැන්ග් මහතා (Prof. Yu Shigang, Chairman of the Ocean University of China) හා කථානායකතුමා අතර හමුවක් පැවැතිණි.

     

    සාගර විශ්වවිද්‍යාලය තුළින් ජීවිතය ජයගැනීමට ලාංකීය තරුණ තරුණියන්ට අවස්ථාවක් ලබා දෙන ලෙස එම හමුවේදී රාජපක්‍ෂ මහතා චින සාගර විශ්වවිද්‍යාලයේ සභාපති මහාචාර්ය ෂීගැන්ග් මහතාගෙන් ඉල්ලීමක් කරන ලද අතර ඒ සම්බන්ධයෙන් එතුමා සුබදායී ප්‍රතිචාරයක් දැක්වා ඇත. එහි ප්‍රතිඑලයක් වශයෙන් ශ්‍රී ලාංකික සිසුන් දස දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සහ මෙරට සාගර විශ්වවිද්‍යාලයට අවශ්‍ය විද්‍යාත්මක, තාක්ෂණික හා කළමනාකරණය පිළිබඳ දැනුම ලබා දීමට මහාචාර්ය ෂීගැන්ග් මහතා කැමැත්ත ප්‍රකාශ කර ඇත. එමෙන් ම එතුමා කථානායකතුමාට සහතික වී ඇත්තේ මේ පිළිබඳ ව වහා ම සුදුසු පියවර ගන්නා බවය.

     

    කථානායකතුමා පෙරළා දිවයිනට පැමිණි විගස චීනයේදී පවත්වනු ලැබූ සාකච්ඡාවල සියලු විස්තර සම්බන්ධ ව ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ බලධාරීන්ව දැනුවත් කර ඇති අතර චීන සහයෝගීතාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස උපදෙස් ලබා දී ඇත. මෙම සංචාරය චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට ශක්තියක් වී ඇත.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya