ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ලෝක ජනාවාස දිනය අදයි Featured

    ඔක්තෝබර් 06, 2014
    එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම (හැබිටාඩ් සංවිධානය) විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි සෑම වසරක ම ඔක්තෝබර් මාසයේ පළමු සඳුදා දිනය ලෝක ජනාවාස දිනය ලෙස වෙන් කර ඇත. ඒ අනුව 1986 වර්ෂයේ සිට ලෝක ජනාවාස දිනය සමරනු ලබයි.
     
    ඒ අනුව මෙවර ලෝක ජනාවාස දිනය අද (06)ට යෙදී ඇත.
     
    ලෝක ජනාවාස දිනයේ මෙවර තේමාව වී ඇත්තේ “Voices From Slums”යන්නයි. “නාගරික පැල්පත් හා මුඩුක්කු ආශ්‍රිත ව ජීවත්වන නගරයට හිමිකම් කියන බහුතර ජනතාව වෙනුවෙන් හඬක්” යන්න මින් අදහස් කෙරේ. 
     
    ඒ අනුව ලෝක ජනාවාස දිනයට සමගාමී ව පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රධාන උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වේ.
     
    ශ්‍රී ලංකාවේ මෙම තේමාව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි, දේශීය නිවාස හා ජනාවාස වැඩසටහනට ගැළපෙන අයුරින් “ජනාවාස හඬක් - ජන සෙවණින් හෙටක්” යනුවෙන් ප්‍රතිනිර්මාණය කර තිබේ.මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වේ.
     
    ශ්‍රී ලංකාවේ මෙම තේමාව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි, දේශීය නිවාස හා ජනාවාස වැඩසටහනට ගැළපෙන අයුරින් “ජනාවාස හඬක් - ජන සෙවණින් හෙටක්” යනුවෙන් ප්‍රතිනිර්මාණය කර තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya