ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    බෙල්ලන ඤාණවිමල මහා නාහිමි ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිත ව හෙට Featured

    ඔක්තෝබර් 06, 2014
    සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ අතිගරු මහා නායක ධුරන්දර අග්ගමහා පණ්ඩිත, සාහිත්‍ය සූරී බෙල්ලන ශ්‍රී ඤාණවිමල මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා කොල්ලුපිටිය වාළුකාරාමයෙහි තැන්පත් කර ඇති අතර ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිත ව හෙට (07) කොළඹ දී සිදු කෙරේ.
     
    මෙරට වැඩ සිටි ධර්ම විනයධර සම්භාවනීය මහනාහිමි නමක් වන උන්වහන්සේ අපවත් වන විට අනූ පස් වන වියෙහි පසුවූහ. 
     
    කළුතර දිස්ත්‍රික්කයේ බෙල්ලන ග්‍රාමයෙහි 1920 මාර්තු 26 දින උපත ලද උන්වහන්සේ 1929 මැයි 23 දින බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙනේ දී පැවිදි බිමට ඇතුළත් වූහ.
     
    1969 දී කෝට්ටේ සංඝ සභාවේ උපසම්පදා කාරක සභාවට තේරීපත් වූ බෙල්ලන මහ නාහිමියෝ සංඝ සභාවේ තනතුරු රාශියක් දරා ඇති අතර 1997 දී අනුනායක පදවියටත් 2000 දී අති පූජ්‍ය මහානායක පදවියටත් පත්වූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya