ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පස්වරුවේ දිවයිනේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි Featured

    ඔක්තෝබර් 06, 2014

    අද (06) අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර, ගාල්ල සහ මාතර වෙරළබඩ ප්‍රදේශයන්හි උදය කාලයේදී ද වැසි ස්වල්පයක්  ඇති විය හැක.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැක.


    අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය                                


    කොළඹට සන්ධ්‍යා කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි.

    ගාල්ලට සන්ධ්‍යා කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    යාපනයට රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    ත්‍රිකුණාමලයට ප්‍රධාන වශයෙන් වැසි නොමැත.

    අනුරාධපුරයට නුවරඑළිය, මහනුවර සහ රත්නපුරයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    මන්නාරමට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    මඩකළපුවට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය                                              


    අද උදෑසන 8.30 වනවිට මි.මී. 8.9ක වර්ෂාපතනයක් ත්‍රිකුණාමලයෙන් ද මි.මී. 4.3ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද මි.මී. 7.4ක වර්ෂාපතනයක් රත්නපුරයෙන් ‍ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.°C ත්‍රීකුණාමලය, යාපනය සහ අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.1°C පොලොන්නරුව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.9°C නුවරඑළියෙන් ද මි.මී. 46.7ක උපරිම වර්ෂාපතනය මොනරාගල ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya