ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවට L.E.D. විදුලිපහන් නිෂ්පාදන කම්හලක්

    ඔක්තෝබර් 27, 2014


    L.E.D. විදුලිපහන් නිෂ්පාදනය කරන විශාල පරිමාණයේ කර්මාන්තායතනයක් මෙරට ස්ථාපිත කිරීමට යෝජනා වී ඇති අතර, ඒ පිළිබඳ දැනුම් දීම සඳහා කොරියානු ආයෝජකයින් පිරිසක් ඉකුත් දා අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා හමු විය.ශ්‍රී ලංකාවේ විදුලි ආලෝක පද්ධති සඳහා එල්.ඊ.ඩී. හෙවත් ආ‍ලෝක විමෝචක ඩයෝඩ (Light – Emitting Diode) ලබාදීම සඳහා කොරියාවේ අවධානය යොමු වී තිබේ. 


    පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේ පසුගියදා පැවැති මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ විදුලි ආලෝක සැපයුම වඩාත් පුළුල් කිරීම සඳහා L.E.D. බල්බ යොදා ගත හැකි යැයි එම ආයෝජක පිරිස පැවසූහ. 


    එමගින් 80%ක බලශක්තිය ඉතිරි කර ගත හැකි බවත්, එම පිරිමැස්ම තුළින් විදුලිබල සැපයුම තවදුරටත් මෙරට පුළුල් කළ හැකි යැයි ඔවුහු කීහ. 


    වර්ෂ 1962 දී මුලින් ම L.E.D. බල්බ රතු පැහැති අඩු ආලෝකය නිපදවීමට හැකි විදුලි උපකරණ සඳහා යෙදවීමට නිෂ්පාදනය කළ ද, වර්තමානයේ දී එය වැඩි ආලෝකය සමඟ විවිධ වර්ණවලින් ආලෝක විහිදවිය හැකි අයුරින් නිෂ්පාදනය කළ හැකි වේ. 


    ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිත L.E.D. බල්බ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තායතනය තුළින් මෙරටට රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ලබා ගත හැකි බවත්, ඒ සඳහා තෝරා ගනු ලබන තරුණ තරුණියන් හට කොරියාවේ දී වැඩිදුර පුහුණුව ලබාදීමට කටයුතු කරන බවද ආයෝජක පිරිස මෙහිදී පැවසූහ.



    ඒ අනුව ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන L.E.D. බල්බ ඉන්දියාව, බංගලාදේශය, පකිස්ථානය ඇතුළු ආසියානු කලාපීය රටවල් 11කට අපනයනය කොට ශ්‍රී ලංකාවට විදෙස් විනිමය ඉපයීමට ද සැලසුම් කර ඇත.  එමෙන් ම මෙරට පළාත් පාලන ආයතන සතු මාර්ග, යෝජිත අධිවේගී මාර්ග,  රජයේ රෝහල් ඇතුළු පොදු ආයතන, ගොඩනැගිලි ආදිය ආලෝකමත් කිරීම සඳහා මෙම බල්බ යොදා ගැනීමට ද නියමිතය. 


    අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා සමඟ පැවති මෙම සාකච්ඡාව සඳහා කොරියානු මූල්‍ය කේන්ද්‍රයේ සභාපති, Hyo Hong Koo, කොරියානු Posco ITC ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය Hwang Dong Kyung යන මහත්වරු ඇතුළු ආයෝජකයන් පිරිසක් සහභාගී ව සිටියහ.


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya