ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    2015 ඓතිහාසික අය-වැය පුද්ගලික ප්‍රවාහන සේවයට දැවැන්ත ශක්තියක්

    ඔක්තෝබර් 27, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙවර ඉදිරිපත් කරනු ලැබූ ඓතිහාසික අය-වැය පුද්ගලික ප්‍රවාහන සේවයට දැවැන්ත ශක්තියක් වී ඇති බව පුද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.



    මෙවර අය-වැය මගින් පොදු ප්‍රවාහන සේවයේ උන්නතිය සඳහා ප්‍රතිලාභ රැසක් යෝජනා කර ඇත.

    පුද්ගලික බස් සේවාවල ගුණාත්මක බව වැඩිකිරීම සඳහාත් රියදුරන් සහ කොන්දොස්තරවරුන් පුහුණු කිරීමේ පහසුකම් පුළුල් කිරීම සඳහා ත් ප්‍රවාහන අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමත් අවම වශයෙන් වසර පහක් ධාවනය කර ඇති බස් රථ හිමියෙකුට බස් රථ එන්ජින් සහ ගියර් බොක්ස් බදු සහන යටතේ ආනයනය කර ගැනීමට පහසුකම් ලබාදීමටත්, නව බස් රථවල ආයෝජනය දිරි ගැන්වීම සඳහා  වසර පහකට වැඩි කාලයක් බස් රථ ධාවනය කර ඇති රථ හිමියන්ට 6%ක පොලී අනුපාතිකය යටතේ නව බස් රථ ලබාගැනීමේ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම, තමන් සතු බස් රථ විකිණීමේදී ඒවායෙන් ලැබෙන ආදායම් බදුවලින් නිදහස් කිරීම, පාසල් දරුවන්, සංචාරකයින්, කුඩා ව්‍යාපාරකයින් සහ භාණ්ඩ ප්‍රවාහනය කරන්නන්ගේ අවශ්‍යතා ඉටුකිරීම සඳහා වෑන්, කුඩා බස් රථ සහ ලොරි ආනයනයේදී අයකරනු ලබන බදු අයවැය ඉදිරිපත් කළ දින සිට ක්‍රියාත්මක වන  පරිදි අඩුකිරීම. 

    ජාතික රක්ෂණ භාර අරමුදලේ ප්‍රතිරක්ෂණය මත ස්වයං රැකියාලාභීන් සඳහා ඇති කර ඇති දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සමාජ ආරක්ෂණ අංශය විසින් ත්‍රී රෝද රථ හිමියන් සඳහා රක්ෂණ හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුනාවාදී ම මේ අතර වේ. පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය හා බස් රථ හිමියන් විසින් ඉදිරිපත් කළ යෝජනා ජනාධිපතිතුමා මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබීම ක්ෂේත්‍රෙය් සියලු ම දෙනාගේ පැසසුමට ලක්ව ඇති අතර අමාත්‍යවරයා පැවසුවේ, ගුණාත්මක ප්‍රවාහන සේවයක් රට තුළ ස්ථාපිත කිරීම සඳහා රජය ගත යුතු සියලු ම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya