අද උදෑසන 05.30ට මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහළ යා හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
මුලතිව් සිට ත්‍රීකුණාමලය හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති වන විට සුළං වේගය විටෙක තාවකාලිකව පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව තද රළු විය හැකි අතර අනෙක් මුහුදු ප්‍රදේශ ද විටෙක තරමක් රළු විය හැක.
HC



















