ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    යුරෝපා සංගමයේ මත්ස්‍ය අපනයන තහනම ඉවත්කර ගැනීමට ශ්‍රී ලංකා රජයට බ්‍රිතාන්‍ය සහය Featured

    ජනවාරි 07, 2015

    යුරෝපා කොමිසම මගින් තිරසාර ධීවර කර්මාන්තයක් ඇති කිරීම සඳහා 2012 කරනු ලැබූ නිර්දේශ ධීවර අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක නොකිරීම නිසා මෙම වසරේ ජනවාරි සිට ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනය තහනම් කිරීමට ගත් තීරණය ලබන මාර්තු මස පැවැත්වෙන යුරෝපා සංගම් සාකච්ඡාවේදී ඉවත්කර ගැනීමට බ්‍රිතාන්‍ය රජය සහය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැක්කින් මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අද (07) කියා සිටියේය.

    අද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා හමු වූ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා කියා සිටියේ සාමකාමි ජනාධිපතිවරණයක් පැවැත්වීමට රජය ගන්නා ක්‍රියාමාර්ග අගය කරන බවය. අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා මෙහිදී ක්‍රියා සිටියේ ඉකුත් වසර 10 මැතිවරණ ඉතිහාසය දෙස බලන විට සියලු මැතිවරණ ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී මැතිවරණ බවය. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා රජය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන් ඇගයීමට ලක්කල බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ඉදිරියටද එම වැඩසටහන්වලටද දිරිමත් කිරීම වෙනුවෙන් ලබාදෙන බවද කියා සිටියේය.

     

    යුරෝපා කොමිසමේ රටවලට මත්ස්‍ය නිෂ්පාදනය සැපයූ ලොව දෙවන අපනයන රට වූයේ ශ්‍රී ලංකාවය. ධීවර අමාත්‍යාංශය මගින් යුරෝපා කොමිසම මගින් වසර 2010දී දෙන ලද නිර්දේශ ක්‍රියාවට නැංවීමක් හෝ ඒ පිළිබඳව සාධනීය මැදිහත්වීමක් සිදු නොවීම හේතුවෙන් 2002 නොවැම්බර් මසදී යළි අනතුරු ඇඟවීමක් සිදුකරමින් එම නිර්දේශ කිරීමට වසර දෙකක කාලයක් ලබාදුන්නේය. ඒ සඳහාද ධීවර අමාත්‍යාංශය නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වූ බැවින් මත්ස්‍ය නිෂ්පාදන අපනයන 2015 ජනවාරි මස සිට යුරෝපා කොමිසම මගින් තහනම් කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya