ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජනපතිවරණය ප්‍රචණ්ඩත්වයෙන් තොර බව ජපන් මාධ්‍යවේදීන් පැවසු බව ජපන් තානාපති කියයි Featured

    ජනවාරි 07, 2015

    ශ්‍රී ලංකාවේ වාර්තාකරණයේ දැනට නිරතව සිටින ජපන් මාධ්‍යවේදීන් විසින් මැතිවරණය ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමීව පැවැත්වෙන මැතිවරණයක් බවට දිස්ත්‍රික්ක කිහිපයක සංචාරයෙන් පසු ප්‍රකාශ කළ බව ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති නොබොහිතෝ හොබෝ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා වෙත අද (07) පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී පැවති මෙම සාකච්ඡාවේදී ජපන් තානාපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන සංවර්ධන කටයුතු ඉහළින් අගය කරන අතර මිතුදම වඩාත් වැඩිදියුණු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවය.

     

    අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාවට 2014දී සංචාරකයින් ලක්ෂ 15කට වඩා පැමිණි බවද ජපන් සංචාරකයින්ගේ පැමිණීම සියයට 30කින් වැඩිවී ඇති බවත් 2015දී එය සියයට සියයකින් වැඩිකිරීමට රජය බලාපොරොත්තු වන බවත්ය. මෙහිදී ජපන් තානාපතිවරයා කියා සිටියේ කල්පිටියේ සහ බේරුවල තමා මෙම සතියේ කළ සංචාරයේදී යටිතල පහසුකම්වල දියුණුව සහ සංචාරක  ව්‍යාපාරයේ ප්‍රගතිය දැක බෙහෙවින් සතුටට පත්වූ බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya