ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නිල් බලකායට අයත් ටී - ෂර්ට් ඇතුළු භාණ්ඩ තොගයක් තරුණ සේවා ගබඩාවක

    පෙබරවාරි 10, 2015
    මහරගම තරුණ සේවා සභාවට අයත් ගබඩාවක තිබී නිල් බලකායට අයත් ටී ෂර්ට්, දින දර්ශන, දිනපොත් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගෙන තිබේ.
     
    ලැබුණු තොරතුරකට අනුව තරුණ කටයුතු අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සහ තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ එරංග වැලිඅංගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් තරුණ සේවා සභාවේ ගබඩාවක් පරීක්‍ෂාවට ලක් කිරීමෙන් අනතුරුව මෙම මෙම භාණ්ඩ සොයාගැනීමට හැකියාව ලැබී ඇත.
     
    රජ්‍ය දේපල අයතා ලෙස පරිහරණය කිරීමට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්නේ යැයි මෙහිදී තරුණ කටයුතු රාජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
     
    නිල් බලකාය රාජ්‍ය සම්පත් නීති විරෝධි ලෙස භාවිත කර ඇති බවත්, රජයේ සම්පත් නිති විරෝධීව මේ ආකාරයෙන් යොදා ගැනීම පිළිබඳ වහාම පරීක්‍ෂණයක් කර නීතිය ක‍්‍රියාත්මක කිරීමට  කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    "නිල් බලකාය රාජ්‍ය සම්පත් නීති විරෝධි ලෙස භාවිතා කිරීම පිළිබඳ අපි විපක්ෂයේ සිටියදීත් චෝදනා කළා. ඒ අවස්ථාවේ බොහෝ දෙනෙක් සාක්ෂි නැති බව ප‍්‍රකාශ කළා. අද එයට හොඳම සාක්ෂිය ලැබී තිබෙනවා. රජයේ සම්පත් නිති විරෝධීව මේ ආකාරයෙන් යොදා ගැනීම පිළිබඳ වහාම පරීක්ෂණයක් කොට නීතිය කි‍්‍රයාත්මක කරන්න කටයුතු කරනවා". 
     
    "පසුගිය රජය විශාල ලෙස ජනතා මුදල් ලබා ගනිමින් පෞද්ගලික දේශපාලනය කරන්න රාජ්‍ය ආයතනත් යොදා ගත්තා. අපි බලයට එද්දි දුන් පොරොන්දුවක් තමයි එවැනි ක‍්‍රියාවන් වහාම නවත්වනවා කියන කාරණය. අපි රාජ්‍ය ආයතන දේශපාලනීකරණයෙන් ඈත් කරලා ස්වාධීන ආයතන බවට පත් කරනවා. තරුණ සේවා සභාව නිර්දේශපාලනයෙන් යුතුව  ඕනෑම අයෙකුට තමාගේ කටයුතු ස්වාධීනව කරගෙන යාමට අවශ්‍ය කටයුතු සූදානම් කරනවා". 
     
    තරුණ සේවා සභාවේ ගබඩාවේ ලොග් සටහන් අනුව මේ ආයතනය තුළින් ටී ෂර්ට් එක් ලක්ෂ පනස් දහසක් පමණ බෙදා දී තිබෙන බවත් එවැනි වංචා රැසක් සිදු වී තිබෙන අතර ම තරුණ සේවා සභාවේ සභාපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මේ පිළිබඳ පරික්ෂණයක් පවත්වා නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා මෙහි දී වැඩිඳුරටත් සඳහන් කළේය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya