ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මහ පරිමාණ වංචා දූෂණ සෙවීමට නව ජනාධිපති කොමිසමක් Featured

    පෙබරවාරි 10, 2015

    පසුගිය රජය පැවති සමයේ සිදුකරන ලද බව පැවසෙන මහා පරිමාණ දූෂණ වංචා චෝදනා පිළිබඳව පරීක්ෂා කිරීම පිණිස මෙම සතිය ඇතුළත ජනාධිපති කොමිසමක් පත් කිරීමට තීරණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරයි.

    පොළොන්නරුවේ අරලගන්විල මහජන පොළ පරිශ්‍රයේ පැවති මෛත්‍රි ජනාභිනන්දන උළෙල අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළ අතර පක්ෂ සබඳතා, තානාන්තර නිල නාම පිළිබඳ නොසළකා මෙම වංචා හා දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරනු පිණිස මෙම කොමිසම පත් කරන බව ද කියා සිටියේය.

     

    වංචා හා දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරණයේ දී ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරමින් මෙම කොමිසම පත් කිරීමට අදාළ අංශ දැනටමත් දැනුවත් කර ඇති අතර මෙම කොමිසම මඟින් රාජ්‍ය දේපළ විනාශ කළ, මහජන දේපළ සොරකම් කළ සියලු දෙනාට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිතුමා එහිදී පැවසීය.

     

    කෙසේවෙතත් දූෂණ වංචා කරපු පුද්ගලයන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම මෙතරම් ප්‍රමාද වීම පිළිබඳව තමන්ටත් ගැටලුවක් පැන නඟින බවත් ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya