ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ අධි ආරක්ෂිත කලාපවල පවරා ගත් ගොඩනැගිලි අයිතිකරුවන් වෙත භාරදෙයි Featured

    පෙබරවාරි 12, 2015

    කොළඹ ජනාධිපති මන්දිරය හා අරලිය ගහ මන්දිරය අසල අධි ආරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවන් ආරක්ෂක අංශ වෙත පවරා ගෙන තිබූ ගොඩනැගිලි සියල්ල නිදහස් කිරීමට රජය තීරණය කර ඇත.

    ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

     

    කොළඹ ජනාධිපති මන්දිරය අසල හා කොල්ලුපිටියේ අරලිය ගහ මන්දිරය අසල පිහිටි රජයේ බැංකු හා පෞද්ගලික බැංකු ආරක්ෂක හේතූන් මත වසා දැමූ අතර පසුව එම ගොඩනැගිලි බොහොමයක් ආරක්ෂක අංශ වෙත පවරා ගන්නා ලදී.

     

    නව රජය බලයට පත්වීමත් සමග කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය අසල මෙතෙක් වසා තබා තිබූ ජනාධිපති මාවත, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, ඩෑම් වීදිය ඇතුළු සියලු මාවත් පොදු ප්‍රවාහනය සඳහා විවෘත කරන ලදී.

     

    ඊයේ අමා‍ත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ මෙම තීරණය අනුව කොළඹ කොටුවේ හා කොල්ලුපිටියේ අධි ආරක්ෂිත කලාප තුළ පිහිටි ආරක්ෂක අංශ වෙත පවරා ගන්නා ලද සියළු ගොඩනැගිලි අයිතිකරුවන් වෙත නිදහස් කරනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya