ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රටට අවශ්‍ය සංහිඳියාව පාර්ලිමේන්තුවෙන් මනාව ප්‍රදර්ශනය කෙරේ

    පෙබරවාරි 12, 2015
    පාර්ලිමේන්තුවේ ඉතා හොඳ සංහිඳියාවක් පවතින බවත් පසුගිය දින පැවති අයවැය ඡන්දයේදී ඒ බව මනාව තහවුරු වූ බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
     
    එදා නොසිතූ දෙනා අයවැයේදී ඡන්දය දුන්නා. පාර්ලිමේන්තුවේ කවුරුවත් අපට විරුද්ධ ව ඡන්දය දෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ අන්‍යන්‍ය විශ්වාසයක් පවතිනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විධායකය වෙනස් කරන්න, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් ගේන්න ඔනෑකමක් තිබුණත් ඒ දේ කරන්න නොහැකි වුණු බව කිව්වා. එදා පැවති ආණ්ඩුව ඒ දේ කළේ නැහැ. විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ ඉදලා මේ පනත් සම්මත කරන බව එදා කිව්වා යැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    එදා 13 වෙනි සංශෝධනය ගෙනාවේ එක්සත් ජාතික පක්ෂය. මහින්ද රාජපක්ෂ මහතා 13ට වැඩියෙන් දෙනවා කිව්වා. 13+ කිව්වේ මහින්ද රාජපක්ෂ මහතායි. එය කරන්න පොරොන්දු වුණත් කළේ නැහැ. මුළු රටට ම පිළිගත හැකි විසඳුමක් ලබාදීමට අවශ්‍ය බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya