ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සිංහ රෙජිමේන්තුවේ සුරතලා අවසන් ගමන් යයි

    පෙබරවාරි 13, 2015
    ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ සුරතලා වූ ‘කූගර්’නම් සිංහයා වසර 18ක් ආයු විද හදිසියේ පසුගිය 11 වන මිය ගොස් ඇත.
     
    කූගර්ගේ අවසන් කටයුතු සහ මතක වස්ත්‍ර පූජාව මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් එදින පස්වරුවේ දී සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන භූමියේ දී සිදු කොට ඇති අතර, මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක 
    බ්‍රිගේඩියර් බී.ඒ.එල්. රත්නායක මහතා ඇතුළු නිලධාරීන් සහ සෙසු නිලයන් බොහෝ පිරිසක් සහභාගි වූහ.
     
    1996 ජුනි 01 වන දින දෙහිවල සත්වෝද්‍යානයේ දී උපත ලැබූ ‘කූගර්’ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ඉල්ලීමකට අනුව  එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසින් 1996 අගෝස්තු මස 3 වන දින  එම රෙජිමේන්තුවට තිළිණ කරන ලදී. 
     
    මියයන විට ‘කූගර්’උසින් අඩි 2 ½ සහ දිගින් අඩි 5 පමණ වූ අතර, කූගර්ගේ  වංශයේ නිජ බිම දකුණු අප්‍රිකාව වේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya