ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරියේදී පැවැත්වෙන විභාග

    පෙබරවාරි 14, 2015

    දහම් පාසල් අවසාන සහතිකපත්‍ර විභාගය - 2014 (2015) පෙබරවාරි 21 හා 22 දිනවලදී දිවයින පුරා මධ්‍යස්ථානවලදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    මේ සඳහා අයදුම්කරුවන් 65,000ක් පෙනී සිටීමට නියමිතය.

    ජ්‍යෙෂ්ඨතාව සහ කුසලතාව මත විගණන පරීක්ෂක සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් ශ්‍රී ලංකා විගණන සේවයේ II පන්තියේ II ශ්‍රේණියට උසස් කිරීමේ තරග විභාගය - 2014 (2015)පෙබරවාරි 21 හා 22 දිනයන් හිදී කොළඹදී පමණක් පැවැත්වේ.

    වන සංරක්ෂක දෙපාර්තමේන්තුවේ වන ක්ෂේත්‍ර සහකාර තනතුරට බඳවාගැනීම සඳහා වන විවෘත තරග විභාගය - 2014 (2015 පෙබරවාරි 22 දින දිවයින පුරා මධ්‍යස්ථානවලදී පැවැත්වෙන අතර මේ සඳහා අයදුම්කරුවන් 6500ක් සහභාගිවීමට නියමිතය.

    ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විධායක නිලධර ගණයේ III ශ්‍රේණියේ සහකාර අධ්‍යක්ෂ (දිස්ත්‍රික්) තනතුරට බඳවාගැනීම සඳහා වන විවෘත තරග විභාගය - 2014 (2015) පෙබරවාරි 28 දින කොළඹ දී පමණක් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ II වන පෙළ ජේලර්වරුන් හා II වන පෙළ පුනරුත්ථාපන නිලධාරීන් බඳවාගැනීම සඳහා වන විවෘත තරග විභාගය - 2014 පෙබරවාරි 28 දින දිවයින පුරා මධ්‍යස්ථානවලදී පැවැත්වෙන අතර මේ සඳහා අයදුම්කරුවන් 2500ක් සහභාගිවීමට නියමිතය.

    නීතිපති දෙපාර්තමේන්තුවේ ලඝු ලේඛක III පන්තියේ තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2013 (2015) (වෘත්තීය පරීක්ෂණය) පෙබරවාරි 28 දින කොළඹ දී පමණක් පැවැත්වේ.

    රාජ්‍ය කළමනාකාර සහකාර සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන සීමිත තරග විභාගය - 2013 (2015) පෙබරවාරි 28 හා මාර්තු 01 දිනවලදී කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 07ක දී පැවැත්වේ. මේ සඳහා සහභාගි වන අයදුම්කරුවන් ගණන 8000ක් පමණ වේ.

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ I, 2-I, 2-II හා 3 පන්තිවල නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 (2015) පෙබරවාරි 28 හා මාර්තු 01 දිනවල කොළඹදී පමණක් පැවැත්වේ. මේ සඳහා අයදුම්කරුවන් 2256 දෙනෙකු සහභාගිවීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya