ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    වැලිකඩ ගැටුම පිළිබඳ තතු දන්නේ නම් දන්වන්නැයි කමිටුව ඉල්ලයි

    පෙබරවාරි 18, 2015
    2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාර රැඳවියන් කිහිපදෙනෙකුට මරු කැඳවූ ගැටුම සම්බන්ධයෙන් තොරතුරු දන්නා අයෙකු සිටින්නේ නම් එම තොරතුරු ඒ සම්බන්ධයෙන් පත් කර ඇති කමිටුව වෙත දන්වන්නැයි මහජනතාව වෙත අදාළ කමිටුව විසින් දැනුම් දී ඇත. 
     
    රැඳවියන් 27දෙනෙකුට මරු කැඳවමින් 2012. 11. 09 දී වැලකඩ බන්ධනාගාරයේ සිදු වු ගැටුම සම්බන්ධයෙන් මහජන සාක්ෂි හා තොරතුරු ලබාගැනීමේ අරමුණින් අධිකරණ හා කම්කරු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම මහතාගේ සභාපතීත්වයෙන් කමිටුවක් පත් කරන ලදී.
     
    බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් යම් තොරතුරු දන්නා අයෙකු සිටීනම් ලිඛිත ව හෝ දුරකතන මගින් එසේ තොරතුරු දැන්විය හැකි අතර එසේ සපයන තොරතුරුවල මෙන් ම තොරතුරු සපයන්නන් සම්බන්ධයෙන් රහස්‍යභාවය ආරක්ෂා කර ගන්නා බවද එම කමිටුව විසින් දන්වා ඇත.
     
    තොරතුරු එවිය යුතු ලිපිනය හා දුරකතන අංකයන් පහත වේ.
     
    ලිපිනය - ලේකම්, වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධ පරීක්ෂණ කමිටුව, සිව්වන මහල, අංක 35 ඒ, එන්.එම්. පෙරේරා මාවත, කොළඹ 08 
     
    දුරකතන අංක -  0112 697 908 හා 0112 699 812 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya