ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ෆ්‍රන්ට්ලයින්‘ සගරාව නිදහස් කෙරේ

    පෙබරවාරි 18, 2015
    රේගුව මඟින් රඳවා ගෙන තිබූ ඉන්දියාවේ ‘ෆ්‍රන්ට්ලයින්‘ සඟරාව මුදා හරින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.
     
    ෆ්‍රන්ට්ලයින් සගරාවේ මෙම කලාපය මෙසේ රඳවා ගැනීමට හේතුව වී තිබුණේ එහි 30 වසරක් පිරීම නිමිත්තෙන් ගෙවුණු වසර 30ක කාලය තුළ ආසියානු කලාපීය දේශපාලන ප්‍රවණතා පිළිබඳ පිළිබිඹු වන අයුරින් සම්මුඛ සාකච්ඡා ගණනාවක් නැවත පල කිරීමයි. එය අතර 1987 සැප්තැම්බර් මාසයේ වේලුපිල්ලේ ප්‍රභාකරන් සමඟ කළ සාකච්ඡාවක් ද නැවත පළ කර තිබීණි.
     
    එම සාකච්ඡාව නැවත පළ කිරීම ඔස්සේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් හෝ බලපෑමක් නොවන බැවින් මෙය මුදා හැරීමට තීරණය කර තිබේ.
     
    මින් මතු මෙවැනි අවස්ථාවන් උද්ගත වුවහොත් ඒ පිළිබඳ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් විසමන ලෙස ද අග්‍රාමාත්‍ය කාර්යාලය රේගු වෙත උපදෙස් දී ඇත.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya