ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මින් ඉදිරියට පරිපාලනයට දේශපාලන බලපෑම් නැහැ- අමාත්‍ය කරු ජයසූරිය

    පෙබරවාරි 19, 2015
    රජයේ පරිපාලන කටයුතුවලදී දේශපාලන බලපෑම් මින් ඉදිරියට සිදු නොවන බවත් පරිපාලන නිලධාරීන් මැතිවරණ වේදිකාවල කතා කිරීමට අවශ්‍ය නොව බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරූ ජයසූරිය මහතා පැවසීය.
     
    දින 100 වැඩසටහන් හා එහි ප්‍රගතිය පිළිබඳ බිම් මට්ටමේ නිලධාරීන් දැනුවත් කිරීමේ කාර්යභාරය පිළිබඳ සම්මන්ත්‍රනය ආරම්භ කිරීමේ උත්සව අද (19) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
     
    දේශපාලනය මඟින් ප්‍රතිපත්ති සකස් කිරීම පමණක් සිදු කරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී දිසාපතිවරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට විශාල කාර්යභාරයක් පැවරී තිබෙන බව ද පෙන්වා දුන්නේය.
     
    පෞද්ගලික අංශයට වඩා දක්ෂ රාජ්‍ය නිලධාරීන් සිටින බවත් දක්ෂතා අනුව උසස්වීම් ලබා දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya