ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජනතා සේවය ඉටු නොවූ හේතුව සෙවිය යුතුයි - අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා

    පෙබරවාරි 19, 2015
    ජනතාවට රජයේ කාර්යාලවලින් ඉටු කර ගැනීමට නොහැකි කාර්යයන් හා කළ සේවාවන් ගැන සෑම රාජ්‍ය කාර්යාලයකින්  ම වාර්තාවක් සකස් කිරීම වැදගත්  බව ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍යතුමා ජෝශප් මයිකල් පෙරේරා මහතා පැවසීය.
     
     
    දින 100 වැඩසටහන් හා එහි ප්‍රගතිය පිළිබඳ බිම් මට්ටමේ නිලධාරීන් දැනුවත් කිරීමේ කාර්යභාරය පිළිබඳ සම්මන්ත්‍රනය ආරම්භ කිරීමේ උත්සව අද (19) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
     
    එහිදී ග්‍රාම නිලධාරී කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, අමාත්‍යාංශ යනාදී වශයෙන් එම වාර්තා සකස් කළ යුතු බවත් විසඳුම් නැති ඒවා ඉටු කර දීමට නොහැකි හේතුව ද සෙවිය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    දිසාපතිගේ සිට සෑම රජයේ ඉහළ නිලධාරියෙක්ම බදාදාට මහජනතාව හමු විය යුතු බවත් එදිනට ග්‍රාම නිලධාරීන් සිය වසමේ කාර්යාලයේ රැදී සිටිය යුතු බවට යෝජනා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 
     
    දේශපාලන භේදයෙන් තොරව ගමේ සියලු දෙනා එක් විය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා පවුලේ ඉදිරි දැක්ම දින 100හි ප්‍රධාන අරමුණ වන බවත් පෙන්වා දුන්නේය.
     
    දින 100හි විශාල වැඩපිළිවෙළක් තිබෙන බවත් පොරොන්දු වූ පරිදි දින 100 තුළ මනාප ක්‍රමය වෙනස් කිරීම හැර අන් සියලු දේ සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරත් පැවසීය.

     kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya