ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පතල් කම්කරුවන්ගේ ‘මිහිලය මිහිදරුවන්‘අප්‍රේල් 03 දා

    පෙබරවාරි 20, 2015

    පතල් කම්කරුවන් වෙනුවෙන් පවත්වනු ලබන‘මිහිලය මිහිදරුවන්‘ අභිමන් උළෙල ලබන අප්‍රේල් 03 වැනි දා පැවැත්වීමට කටයුතු කරන බව මැණික් පතල් සේවකයින්ගේ ජාතික සංවිධානයේ ලේකම් නීතිඥ ස්වරණ මල්ලිකාආරච්චි මහතා පැවසීය.


    ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊයේ (19) ඔහු මේ බව ප්‍රකාශ කළ අතර පතල් කර්මාන්තය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම තිබිය යුතු බව ද සඳහන් කළේය.


    විධිමත් ක්‍රමවේදයක් තුළ පතල් කම්කරුවන්ගේ සමාජ සුක්ෂිතතාවය සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් මැණික් පතල් කම්කරුවේ මැණික් කැටයට ජීවිත පූජා කරන බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.


    මැණික් කර්මාන්තය ජාතික ආර්ථිකයට සම්පත් වී තිබෙන අතර මැණික් කම්කරුවන් වෙනුවෙන් අභිමන් ගමනක් ආරම්භ කර තිබෙන බවත් පතල් කම්කරුවන් මිය ගිය හා ආබාධිත තත්ත්වයේ පසු වන පවුල් සඳහා සහන ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.


    රත්නපුරේ මැණික් අඩු වී නැති අතර මැණික් පතල් කම්කරුවාගේ ශ්‍රමයට නිසි වටිනාකමක් නොමැති වීම හේතුවෙන් එම කර්මාන්තය සඳහා යොමු වන පිරිස් අඩු වෙමින් පවතින බවත් එය රැක ගැනීම සඳහා සංවිධානයක් ගොඩනැගිම වැදගත් බවත් මැණික් පතල් සේවකයින්ගේ ජාතික සංවිධානයේ සම සභාපති ලයනල් වීරසිංහ මහතා පැවසීය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya