ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පෞද්ගලික අංශයට වැඩුප් වැඩිකිරීමට එකඟතාවයක්

    පෙබරවාරි 19, 2015

    පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජාතික කම්කරු සභාව එකඟතාවය පළ කොට ඇති බවත් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමේ කටයුතු සිදු කරනු ලබන්නේ පඩි පාලක සභාව මඟින් බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
     
    ඒ අනුව පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 10,000 සීමාවට ගෙන ඒමට මෙන් ම ආයතනය ලබාගන්නා ලාභාංශයන් අනුව 15% සිට 35%ත් අතර ප්‍රමාණයකින් වැටුප් වැඩිකිරීමද එකඟත්වය පළ කොට ඇත.
     
     
    පෞද්ගලික ආයතනවල වැටුප් වැඩිවීම් සම්බන්ධයෙන් පඩි පාලක සභාව කටයුතු කරනු ලැබුව ද කඩ සාප්පු සහ හෝටල් සේවකයන්ගේ වැටුප් වැඩිවීම් සම්බන්ධයෙන් ඔවුන් වග නොකියන බවත් පෙන්වා දුන් ඒ මහතා කෙසේ වෙතත් ඔවුන්ගේ ද වැටුප් 15%කින් වැඩිකිරීමට කටයුතු කළ යුතු බවත් පෙන්වා දුනි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya