ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ආරක්ෂක රාජ්‍ය ඇමැති අනුරාධපුරයේ අටමස්ථානාධිපතිවරු හමුවේ

    පෙබරවාරි 24, 2015
    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඊයේ (23) අනුරාධපුර අටමස්ථානයන්හි හා වෙනත් පූජනීය ස්ථාන කිහිපයක් වෙත ගොස් ප්‍රධාන හිමිවරු හමුවී සාකච්ඡා පැවැත්වීය.
     
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් අනුරාධපුරයේ අටමස්ථාන භාර ස්වාමින් වහන්සේලා හා අනෙකුත් බෞද්ධ පූජනීය ස්ථාන භාර ස්වාමීන් වහන්සේලා මුණගැසී ජිවිත පූජාවෙන් අප රට එල්.ටී.ටී.ඊ. රුදුරු ත්‍රස්තවාදයෙන් මුදවා ගන්නා ලද රණ විරුවන්ට කෘතවේදීත්වය දැක්වීම සඳහා ඉඳිකරගෙන යනු ලබන සඳහිරු සෑ චෛත්‍යයේ ඉඳිකිරීම් පිළිබඳ ව අදහස් ලබා ගන්නා ලෙස කරන ලද දැනුම්දීමකට අනුව රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කරන ලදී.
     
    මෙහිදි පළමුව අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේ බැහැදුටු රුවන් විජයවර්ධන අමාත්‍යවරයා උන් වහන්සේගෙන් මේ පිළිබඳ ව කරණු විමසා අනතුරු ව ජය ශ්‍රි මහ බෝධීන් වහන්සේ වෙත ගොස් වැඳපුදා ඊට නිසි ගෞරව දක්වා ආශිර්වාද ලබාගන්නා ලදී. 
     
    අනතුරුව රුවන්වැලි සෑ විහාරස්ථානයට ගොස් එහි විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ මුණගැසි මේ පිළිබඳ ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව රුවන්වැලි සෑ මහා චෛත්‍යවහන්සේ ද වැඳපුදා ගත්තේය.
     
    ඉන් අනතුරුව පිළිවෙළින් මිරිසවැටිය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය, ජේතවනාරාමය, ලංකාරාමය, අභයගිරිය, ඉසුරුමුණි රාජමහා විහාරය හා ශ්‍රී සාරානන්ද මහා පිරිවෙන යන විහාරස්ථාන වෙත ගොස් ඒවායෙහි විහාරාධිපති ස්වාමීන් වහන්සේලා මුණගැසී මේ පිළිබඳ ව කරුණු විමසා එකී පූජනීය ස්ථානයන් ද වැඳපුදා ගන්නා ලදි.
     
    පසුව සඳහිරු සෑ පූජා භූමියට ගොස් මල් පුජාකිරිමෙන් අනතුරුව එහි වැඩකටයුතු අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය. මෙහිදි සඳහිරු සෑය චෛත්‍ය ඉඳිකිරීම පිළිබඳ ව කරන ලද ඉදිරිපත් කිරීමක් ද අමාත්‍යවරයා විසින් නරඹන ලදී.
     
    අනතුරුව පැමිණ සිටි මාධ්‍යවේදීන් වෙත අඳහස් දැක්වු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා තම ගමනේ අරමුණ පිළිබඳ පැහැදිලි කර, ජිවිත පුජාවෙන් අප රට බේරාදුන් රණ විරුවන් වෙනුවෙන් ඉඳිකරනු ලබන මෙම චෛත්‍යයේ ඉඳිකිරීම් සඳහා රණ විරුවන් විසින් විශාල ශ්‍රමයක්, ධනයක් හා කාලයක් වැයකර ඇති බව පැවසූ අතර මේ සම්බන්ධයෙන් නායක ස්වාමීන් වහන්සේලා විසින් පවසන ලද කරුණු අතිගරු ජනාධිපතිතුමා වෙත දැනුම් දෙන බව ද මෙහිදී පවසා සිටියේය.
     
    ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව මෙම ස්වාමීන් වහන්සේලාගේ පූර්ණ අනුමැතිය මත පමණක් මෙම චෛත්‍යයෙහි ඉතිරි ඉඳිකිරීම් කටයුතු සිදුකිරීම පිළිබඳ ව රජය විසින් තීරණය කරනු ලබන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
     
    මෙම අවස්ථාව සඳහා ආරක්ෂක රාජ්‍ය ලේකම් ඒ. පි. ජී. කිත්සිරි, මේජර් ජෙනරල් උපුල් විතාරණ, ආරක්ෂක අමාත්‍යංශ සහකාර හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් ආරියරත්න යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිපදෙනකු ද සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya