ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගැසට් කෙරේ

    පෙබරවාරි 25, 2015
    අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග රැසකට අතුරු අයවැයෙන් ලබා දුන් සහන ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කර ඇත. පසුගිය සිකුරාදා එම ගැසට් නිවේදනය එළි දක්වා තිබේ.
     
    භාණ්ඩ මිල අඩු කළ ද ඇතැම් වෙළෙඳුන් එම භාණ්ඩ පැරණි මිල ගණන්වලට ම විකිණීම සම්බන්ධ පැමිණිලි රැසක් ඉදිරිපත් වී තිබීම මීට හේතුවයි.
     
    මේ නිසා අදාළ භාණ්ඩ වර්ග විකිණිය හැකි උපරිම මිල ගණන් ගැසට් මගින් නිවේදනය කිරීමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය දන්වා සිටී.
     
    ඒ අනුව කිලෝ ග‍්‍රෑම් 50ක සිමෙන්ති මිටියක උපරිම සිල්ලර මිල රු. 840/- කි. පාන් පිටි කිලෝ ග‍්‍රෑමයක මිල රු. 90/- කි. ග‍්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රු. 54/- ක් වන අතර ග‍්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රු. 325/- කි. කිලෝ ග‍්‍රෑම් 1 ක කිරිපිටි පැකට්ටුවක් රු. 810/- කි. මුං ඇට කිලෝව රු. 280/- ක් ද, හාල්මැස්සන් කිලෝව රු. 525ක් ද, කොත්තමල්ලි කුඩු කිලෝවක් රු. 348ක් ද වශයෙන් උපරිම මිල ගණන් දක්වා ඇත. එසේම ග‍්‍රෑම් 425 ක ටින්මාළු ඇසුරුමක් අළෙවි කළ හැකි උපරිම මිල රු. 260 කි. උම්බලකඩ කිලෝවක උපරිම මිල රු. 1740කි. කහ කිලෝව රු. 350 ක උපරිම මිලකට ද නියම කර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya