ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ රබර් වෙන්දේසියේ මිල ගණන්

    පෙබරවාරි 25, 2015
    රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (24) පවත්වන ලද කොළඹ රබර් වෙන්දේසියේ මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇති බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සැලසුම්) එම්.ඩී.ආර්. වීරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
     
    ආර්.එස්.එස්. 01 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල  රුපියල් 265.00කි. එය පසුගිය ජනවාරි මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 304.83ක් විය.
     
    ආර්.එස්.එස්. 02 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල  රුපියල් 259.50ක් වූ අතර එය පසුගිය ජනවාරි මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 297.25ක් විය.
     
    ආර්.එස්.එස්. 03 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල  රුපියල් 254.00ක් වූ අතර එය පසුගිය ජනවාරි මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 302.50ක් විය.
     
    ආර්.එස්.එස්. 04  රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල  රුපියල් 246.00ක් වූ අතර එය පසුගිය ජනවාරි මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 259.00ක් විය.
     
    ආර්.එස්.එස්. 05 වර්ග ඊයේ දින කොළඹ රබර් වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොවුණ බව ද සැලසුම් අධ්‍යක්ෂවරයා පැවසීය.
     
    මීළඟ රබර් වෙන්දේසිය හෙට (26) දින පැවැත්වීමට නියමිතය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya