ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ගර්භනී මවුවරුන්ගේ රු. 20,000ක දීමනාව ලබාදීම ලබන 21 දා ඇරඹේ

    මාර්තු 03, 2015

    වත්මන් රජය අතුරු අයවැයෙන් පොරොන්දු වූ පරිදි ගර්භනී මවුවරුන්ට ලබාදෙන රුපියල් විසි දහසේ දීමනාව ලබාදීම ලබන 21 වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

    අමාත්‍යවරිය මෙම අදහස් පල කළේ ඊයේ (02) මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී ළමා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවකට සහභාගි වෙමිනි.

    රුපියල් විසිදහසේ දීමනාව මාසිකව ‍රුපියල් 2000 ක් පමණ වටිනා පෝෂණ මල්ල බැගින් මාස 10ක් තුළ එම දීමනාව ලබාදීමට නියමිතය. ගර්භනී මවකට පූර්ව ගර්භනී කාලයේ ‍මාස 6ක්ද දරුවා ලැබීමෙන් අනතුරුව මාස 4ක කාලයක් සඳහා ද මෙම පෝෂණ මල්ල ලබාදීමට නියමිතය. ‍පෝෂණවේදීන්ගේ හා වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත මෙම පෝෂණ මල්ලට අයත්විය යුතු දෑ තීරණය කොට තිබෙන අතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාල මඟින් මෙම පෝෂණ මල්ල ලබාදිමට නියමිතය.

    මහනුවර, මාතලේ, බදුල්ල, නුවරඑළිය හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවය කරන ළමාරක්ෂක නිලධාරින්, මුල් ළමාවිය සංවර්ධන නිලධාරින් හා මනෝ සමාජීය නිලධාරින් මෙහිදී දැනුවත් කෙරිණි.

    ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, පරිවාස කොමසාරිස්, ළමා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ පී. චන්දිමා සිගේරා, මහනුවර සහකාර දිස්ත්‍රික් ලේකම් ඉන්දිකා අබේසිංහ යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    kpm_DMU_TK_Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya