ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දු ශ්‍රී ලංකා හමුදා මාණ්ඩලික කතිකාවතෙ හි සිව්වන නියෝජිත පිරිස යුද හමුදාපතිතුමා හමුවේ

    මාර්තු 03, 2015
    ඉන්දියාව සහ ශ්‍රී ලංකාවෙ හි හමුදාවන් අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමේ අදිටනින් ඉන්දු ශ්‍රී ලංකා හමුදා කතිකාවතෙ හි සිව්වන නියෝජිත පිරිස ඊයේ (02) උදෑසන යුද හමුදා මූලස්ථානයට පැමිණියහ. 
     
    ජාත්‍යන්තර සහයෝගීතා, අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් රුස්ටාන් පට්නයික් සහ ලේකම්, ලුතිතන් කර්නල්  බිල්ලවාරියා  ඇතුළු  දූත පිරිස  පසුගිය 01දා ශ්‍රී ලංකාවට පැමිණි අතර,  මාර්තු 05 වන දින දක්වා ලංකාවෙ හි රැඳී සිටිනු ඇත.
     
    මෙම දූත පිරිස යුද හමුදා මූලස්ථාන යුද සේවා ලේකම් මේජර් ජෙනරාල්  එන්.යූ.එම්.එම්.ඩබ්ලිව්. සේනානායක, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ. පෙරේරා, අධ්‍යක්ෂ පුහුණු  බ්‍රිගේඩියර් කේ.පී.ඒ. ජයසේකර, අතිරේක යුද සේවා ලේකම් බ්‍රිගේඩියර් කේ.ඩබ්ලිව්.ආර් ද ආබ්‍රෙව් සහ කර්නල් යුද සේවා ලේකම්  කර්නල් එස්.ඒ. කුලතුංග යන මහත්වරුන් විසින් පිළිගන්නා ලදී.
      
    මෙම දූත පිරිස පරිපාලන, භටකාර්ය සම්පාදන, පුහුණු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ ව සාකච්ඡා කරනු ලැබීය.
     
    එමෙන්ම ඉන්දීය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂිත නියෝජිත කපිතන් ප්‍රකාශ් ගෝපාලන්ගේ සම්බන්ධීකරණයෙන් මේජර් ජෙනරාල් රුස්ටාන් පට්නයික් මහතා ඇතුළු ඉන්දු ශ්‍රී ලංකා හමුදා කතිකාවතෙ හි සිව්වන නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා යුද හමුදා මූලස්ථානයේ දී හමුවිය.
      
    එහිදී දෙරටෙ හි ප්‍රධාන ආරක්ෂක කරුණු ගැන සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාව සිහිගන්වමින් දෙපිරිස අතර සමරු ඵලක හුවමාරුවක් ද යුද හමුදා මූලස්ථානයේ දී සිදු විය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya