ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මුහුණු ආවරණය වන හෙල්මට් මේ මස 20දා සිට තහනම්

    මාර්තු 03, 2015
    සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන (Full face) හෙල්මට් පැළඳ යතුරු පැදි ධාවනය කිරීම ලබන මාර්තු 20දා සිට සම්පූර්ණයෙන් තහනම් බව පොලිස් මූලස්ථානය පවසයි. මෙවැනි හෙල්මට් පැළඳ විවිධ පුද්ගලයන් සිදුකරන මිනිස් ඝාතන, කොල්ලකෑම් ඇතුළු විවිධ අපරාධවල වැඩිවීම නිසා මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදු වූ සඳහන් වේ.
     
    හිස්වැසුමේ ආරක්ෂක මුවාව (ප්ලාස්ටික් ආවරණය) විවිධ වර්ණයන් ගල්වා පැළඳගෙන යාම ද සම්පූර්ණයෙන්ම තහනම් බව පොලිස් මූලස්ථාන කියා සිටියි.
     
    මේ අතර 2013 වසරේදී මෙවැනි හෙල්මට් පැළඳ යතුරු පැදි ධාවනය තහනම් කිරීමේ නීතිය පොලිසිය විසින් ගෙන එනු ලැබූව ද විවිධ පුද්ගලයන්ගේ බලපෑම් නිසා එම නීතිය ක්‍රියාත්මක වීම නවත්වා දැමීමට සිදු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.  මෙම නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් එසේ මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන හිස්වැසුම් පැළද ගමන් කිරීමෙන් වලකින ලෙසත් පොලීසිය යතුරුපැදිකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
     
    මෙම නීතිය කඩකරන පුද්ගලයන්ට එරෙහි ව රුපියල් 1000ත්, 3000ත්, 5000ත් අතර ප්‍රමාණයකින් දඩ නියම ‍වෙයි. අදාළ නීතිය ක්‍රියාත්මක කරවන ලෙස රථවාහන මූලස්ථාන පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සෑම පොලිස් ස්ථානයකටම දැනුම් දී තිබේ. මෙම නීතිය ක්‍රියාත්මක වීම අතිවිශේෂ ගැසට් පත්‍රයකින් ද ප්‍රකාශයට පත් කර තිබේ.
     
    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya