ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා නීති සමුළුව අද සහ හෙට

    මාර්තු 04, 2015

    නීති සමුළුව 2015 - පාලනය, ව්‍යවස්ථාව සහ ආයෝජනයේ ඉදිරි මඟ“ (“Legal Summit 2015 on Governance, Regulation and Investment – Way Forward”) යන තේමාවෙන් මෙම වසරේ ජාතික නීති සමුළුව අද (04) සහ හෙට (05) යන දෙදින තුළ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වේ.

     

    පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ හිටපු අධ්‍යක්ෂක ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් අද දින සමාරම්භක දේශනය සිදු කරමින් සභාව ඇමතීමට නියමිතය.

     

    මෙම සමුළුවේ තාක්ෂණික සැසිය මාර්තු 05 වෙනිදා පැවැත්වෙන අතර එහි දී ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ සහ සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න, ජෙට්වින්ග් හෝටල් ආයතනයේ සභාපති හිරාන් කුරේ, මහමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න සහ ජනාධිපති උපදේශක ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන් දේශන ඉදිරිපත් කිරීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya