ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අනුරාධපුරයේදී

    මාර්තු 04, 2015

    ලබන 8 වැනිදාට යෙදී තිබෙන 105 වැනි ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

    ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අතර එහිදී අමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

    "කාන්තාවට යහපත් රටක්''යන්න මෙවර කාන්තා දින තේමාව වන අතර කාන්තා දිනයට සමගාමීව වැඩසටහන් රැසක් ලබන 07 සහ 08 දෙදින තුළ ක්‍රියාත්මක වන බව අමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.

    ලබන 07 සහ 08 දෙදින කාන්තා ව්‍යවසායිකාවන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශන කුටි 140කින් පමණ සමන්විත වෙළෙඳ ප්‍රදර්ශනයක් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ දී පැවැත් වේ. සෞඛ්‍ය සායන වැඩසටහන්, නීති උපදෙස් වැඩසටහන්, කාන්තා උපදේශන වැඩසටහන්, රැකියා අවස්ථාව සඳහා මාර්ගෝපදේශන වැඩසටහන්, ලේ දන් දීමේ වැඩසටහනක් යනාදී වැඩසටහන්වලින් සමන්විත වෙළෙඳ ප්‍රදර්ශනය මෙම ක්‍රීඩාංගනයේ පැවැත්වෙන බව අමාත්‍යතුමිය සඳහන් කළාය.

    8 වැනිදා පැවැත්වෙන ජාතික උත්සවය සඳහා අමාත්‍යවරුන්, තානාපතිවරුන් දිවයින පුරා කාන්තා සමිතිවල සමාජිකාවන් 6000කට ආසන්න පිරිසක් සහභාගිවීමට නියමිත බව ද අමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසීය.

    මීට අමතරව දිවයින පුරා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම කාන්තා දින වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදී ඇති බව කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සුදර්මා කරුණාරත්න මහත්මිය සඳහන් කළාය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya