ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කාන්තා කටයුතු අමාත්‍යතුමියගේ පණිවුඩය

    මාර්තු 08, 2015
    පුරුෂයාට මෙන් ම සමාන මානසික මට්ටමක් ඇති කාන්තාව පුරුෂයාට සහය වන්නකි. කාන්තාවගේ ශක්තිය හා ධෛර්යය නම් කාන්තාව පුරුෂයාට වඩා මැනිය නොහැකි අයුරින් උසස් බව හා දරා ගැනීමයි. ඇගේ පැවැත්මේ රහස වන්නේ ද මෙම දරාගැනීම, අවිහිංසාව, ඉවසීම වන බැවින් සැබැවින් ම රටක හා ජාතිය අනාගතය කාන්තාව සතු වන බව කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රානී බණ්ඩාර මහත්මිය පවසයි.
     
    අමාත්‍යතුමිය අද (08) දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිඩුයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
     
    කාන්තා අයිතීන් සුරක්ෂිත කිරීම පිළිබඳ ව ශ්‍රී ලංකාවට ඇත්තේ අද්විතීය ඉතිහාසයකි. ලෝකයේ ඇතැම් රටවල් කාන්තාවන්ගේ අයිතිවාසිකම් නොසලකා හැරියත් ශ්‍රී ලංකාව එසේ කර නැත. සමාජ, පරිපාලන, පාර්ලිමේන්තුව, රජයේ රැකියා, විදේශ රැකියා මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා ගත්ත ද කාන්තා රැකියා නියුක්තිය ඉහළ මට්ටමක පවතී. එමෙන් ම සේවා ස්ථානයේ, වැඩබිමේ, ගොවිපොළේ, මෙන්ම ගෘහස්ථව ද කාන්තාව ඉටුකරන සේවාව අමිලය.
     
    අතීතයේ මැණිකක් අතින් ගත් කතකට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා නිදහසේ උපද්‍රවයකින් තොරව යා හැකි වූ ඉතිහාසයක් අප සතු විය. නමුත් පසුගිය කාලය තුළ භෞතික වශයෙන් අප කිසියම් සංවර්ධනයක් ලැබුව ද අධ්‍යාත්මිකව අප ලැබූ සංවර්ධනයක් නැත. ඒ හේතුවෙන් දිනපතා විවිධ හිංසනයන්ට කාන්තාවන් ලක් වූ අවස්ථා අපට වාර්තා විය. කාන්තාවන්ට සිදු වන හිංසනය, අතවර ස්ත්‍රී දූෂණ දිනෙන් දින ඉහළ ගියේය.
     
    අප රටේ මේ වන විට පාර්ලිමේන්තුව තුළ 5%ක පමණ කාන්තා නියෝජනයක් ඇති අතර එය ඉහළ නැංවීම අරමුණයි. ශ්‍රී ලංකාවේ ජාතික ආදායම ගත්කළ ඉන් 40%ක් විදේශ සේවාවන් හි නියුක්ත ශ්‍රී ලාංකික කාන්තාවන් විසින් උපයනු ලබනු ඇත.
     
    ජාත්‍යන්තර කාන්තා දිනය ලෝකයේ බොහෝ රටවල් ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරන්නේ ජාතියක පැවැත්ම පිණිස මහා සේවාවක් ඉටුකරන කාන්තාවට උපහාර දැක්වීම සඳහාය. එදිනට ලෝකයේ විසිරී සිටින කාන්තාවන් ලබා ගත් ජයග්‍රහණ ජාති, ආගම්, සංස්කෘතික, දුප්පත්, පොහොසත් හා දේශපාලනික බෙදීමකින් තොරව සමානාත්මතාවකින් යුතුව ඇගයීමට ලක් කෙරේ. දේශපාලනික හා ආර්ථික කටයුතුවල නිරතවීමට කාන්තාවන්ට ඇති අයිතීන් දිනාගැනීමට හැකි වූයේ ලෝක කාන්තාව විසින් ගොඩනැගූ වේදිකාව විශාල අත්වැලක් වූ බැවිනි.
     
    පළමු ලෝක කාන්තා දින සැමරුම 1909 පෙබරවාරි 28 දින අමෙරිකා එක්සත් ජනපදයේදී සමරනු ලැබීය. එදා මෙදා තුර ලෝකයේ බොහෝ රටවල් කාන්තාවගේ ඇගයීමට ලක් කිරීම වෙනුවෙන් කාන්තා දින සැමරුම මාර්තු 08 දිනට සිදු කරනු ඇත.
     
    වර්තමානයේදී කාන්තාවන්ට යහපත් රටක් නිර්මාණය කිරීම අප සතු වගකීමක් බව රජය අවබෝධ කර සිටියි. ඒ අනුව මෙවර ද මෛත්‍රී පාලනය පෙරදැරිව පිහිටුවා ඇති යහ පාලන රාජ්‍යතන්ත්‍රය තුළින් මෙරට කාන්තාවන්ට උපහාර දැක්වීම පිණිස ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය මාර්තු 08 දින අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද එම පණිවිඩයේ සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya