අදාළ ආයතනවලින් විධිමත් අනුමැතීන් ලබා නොගෙන ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කොට ක්‍රියාත්මක කෙරෙන බව මෙම ව්‍යාපෘතිය පිළිබඳව සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ අතුරු වාර්තාවේ සඳහන් වේ.
එම කමිටුව විසින් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවට එම අතුරු වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු එහි නිර්දේශ සැලකිල්ලට ගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි වාරය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් මෙලෙස අත්හිටුවීමට තිරණය කර ඇත.
kpm



















