ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    විදේශ ප්‍රතිපත්තිවලදී අප අනුගමනය කරන්නේ මැදිහත් පිළිවෙතක් - ජනපති

    මාර්තු 29, 2015
    විදේශ ප්‍රතිපත්තිවලදී අනුගමනය කරන්නේ මැදිහත් පිළිවෙතක් බවද සියලු ජාතීන් වෙත මිත්‍රත්වයේ හස්තය දිගු කරමින් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සිදුකරන කටයුතුවලට ද නව ප්‍රවේශයක් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව පැවසුවේ චීනයේ ඊයේ (28) පැවැති වාර්ෂික බොආඕ සමුළුවේ විශේෂ ආරාධිත දේශනය සිදු කරමිනි.
     
    ඵලදායි හා අනෝන්‍ය වශයෙන් වාසිදායක වන සංවාදයන් ගොඩනැඟීම සඳහා ලෝක නායකයන් මෙන් ම ගෝලීය ව්‍යාපාරික ප්‍රජාව එකම වේදිකාවක දී මුණ ගැසෙනබොආඕ සමුළුව පැවැත්වුණේ චීනයේ හයිනෑන් ප්‍රාන්තයේ බොආඕ නුවර දී ය. මෙම සමුළුව රටවල් 15ක නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙහි ආරාධිත දේශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කරන ලදී.
     
    ආසියාවේ නව අනාගතය පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් උදෙසා තේමාව යටත් මෙවර පැවැති සමුළුවේ දී ආසියාව තුළ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් බිහිකළ හැක්කේ කෙසේද? දිළිඳු බව තුරන් කර ජනතාව වෙනුවෙන් සාමුහික හා තිරසර වර්ධනයක් ළඟාකරගත හැක්කේ කෙසේද යන්න පිළිබඳ දීර්ඝ වශයෙන් රාජ්‍ය නායකයන් අදහස් හුවමාරු විය.
     
    මෙම ප්‍රශ්නවලට පිළිතුරු රැඳී ඇත්තේ අපගේ රටවල් තුළ ඇති සුවිශේෂිතාවයන් පිළිබඳ සැලකිලිමමත් වෙමින් මෙම අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම සඳහා යෝග්‍ය පොදු ප්‍රතිපත්ති ක්‍රමෝපායන් සකස් කිරීම තුළින් බවත් පැවසූ ජනාධිපතිතුමා ආසියානු ජාතීන්ගේ ප්‍රජාවක් තුළ එවැනි සහයෝගිතාවයකට හා සාමුහික ක්‍රියාකාරිත්වයකට ශ්‍රී ලංකාව ඇපකැප වී සිටින බවද අවධාරණය කළේය.
     
    ශ්‍රී ලාංකික ජනතාව අතර ආදායම් විෂමතාවය අඩු කොට දිළිඳු බව තුරන් කිරීම වත්මන් රජය ප්‍රධාන අරමුණ බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya