ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජනපති සහ ස්වීඩන් අගමැති අතර ද්විපාර්ශවික සාකච්ඡා

    මාර්තු 29, 2015
    ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර පවතින ආර්ථික සහ වෙළෙඳ සබඳතා ඉදිරියේ දී තවදුරටත් පුළුල් කරගැනීමට අපේක්ෂා කරන බව ස්වීඩන් අගමැති ස්ටැෆන් ලොෆ්වේන් මහතා පැවසීය.
     
    චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ස්වීඩන් අග්‍රාමාත්‍යවරයා අතර ද්වීපාර්ශවික සාකච්ඡා ඊයේ (28) පස්වරුවේ පැවැත්වුණ අතර එහිදි අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් තමාගේත් තම රජයේත් සුබපැතුම් එක් කළ ස්වීඩන් අග්‍රාමාත්‍යවරයා නව රජයේ වැඩපිළිවෙළ පිළිබඳ ව තම ප්‍රසාදය පළ කර සිටියේය.
     
    මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් නව රජයක් ලෙස නව සැලසුම් රැසක් ක්‍රියාවට නංවා ඇති බවය.
     
    දෙරට අතර වෙළෙඳ සහ ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කරගැනීමට ස්වීඩනය ඉතා කැමැත්තෙන් පසුවන බව මෙහිදී පැවසූ අග්‍රාමාත්‍යවරයා එම සබඳතා පෙර පැවැති සබඳතාවලට වඩා ශක්තිමත් වනු ඇති බවද  ප්‍රකාශ කළේය.
     
    ස්වීඩන් සංචාරකයන් මේ වන විට වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර තවදුරටත් ඔවුන් ඒ සඳහා යොමුකිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    ගොවි ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවීම වෙනුවෙන් වාරිමාර්ග ක්ෂේත්‍ර යේ සංවර්ධනය සඳහා සහාය ලබාදෙන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ ඉල්ලීමට ද මෙහිදී ස්වීඩන් අග්‍රාමාත්‍යවරයා සුබවාදී ප්‍රතිචාර දැක්වීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya