ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පොලිසිය සඳහා උතුරේ තරුණ තරුණියෝ 400ක්

    මාර්තු 31, 2015

    උතුරේ දෙමළ කථා කරන ජනතාවගේ පහසුව සඳහා උතුරේ තරුණයින් 200ක් හා තරුණියන් 200ක් ශ්‍රී ලංකා පොලිසියට බඳවා ගැනීමට රජය තීරණය කර ඇති බව සිය තෙදින යාපන සංචාරය අතරතුරදි යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පසුගිය 28 දා සිවිල් ප්‍රජාව හමු වු අවස්ථාවේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

     

    යාපනය ප්‍රදේශයේ ජනතාව මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් සිවිල් සංවිධානවල නියෝජිතයින් සමඟ අගමැතිවරයා මෙහිදි සාකච්ජා කළේය.

     

    කාන්තාවන් පොලිසියේ පිළිසරණ සොයා යන අවස්ථාවලදි සිය ගැටලු පැවසීමට කාන්තා පොලිස් නිලධාරින් ඒවායේ නොමැති විමෙන් උතුරේ කාන්තාවන් ඉමහත් අසිරුතාවයකට පත් වන බව කාන්තා සංවිධාන නියෝජිතවරියක් එහිදි අගමැති වික්‍රමසිංහ මහතාට පැමිණිලි කළේය.

     

    දෙමළ කථා කරන කාන්තා පොලිස් නිලධාරිනියන් මෙන්ම නිලධාරින්ද බඳවා ගැනීමට රජය තීරණය කර ඇතත් ඒ සම්බන්ධයෙන් දෙමළ තරුණ තරුණියන්ගේ උනන්දුවක් නොමැති බව කී අගමැතිවරයා මෙම බඳවා ගැනිම් පිළිබඳව ප්‍රසිද්ධ කරන ලෙස දෙමළ මාධ්‍යවලින් ඉල්ලා සිටියේය. රැකියා නැතැයි මැසිවිලි නගමින් නොසිට මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන රටට සේවය කිරීමට එක් වෙන්නැයි දෙමළ තරුණ තරුණියන්ගෙන් තමන් ඉල්ලා සිටින බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya