ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    චීන - ලංකා මිත‍්‍රත්වය තවත් සවිමත් කළ ජනපති දිවයිනට

    මාර්තු 31, 2015
    චීන - ලංකා මිත‍්‍රත්වය තවත් සවිමත් කරමින් චීනයේ සිව්දින නිල සංචාරයක නිරතව සිටි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (31) අළුයම දිවයිනට පැමිණියේය.
     
    චීන මහජන සමූහාණ්ඩුවේ විශේෂ ආරාධනාවක් අනුව චීනයේ සිව් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය 25දා දහවල් දිවයිනෙන් පිටත්ව ගියේය.
     
    මෙම නිල සංචාරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ චීන ජනාධිපති ෂිං ජින් පින් මැතිතුමා අතර නිල හමුවක් පැවැත්වූ අතර ඉන්පසු රාජ්‍ය නායකයන් දෙපළ ඉදිරියේ චීන ශී‍්‍ර ලංකා අතීත සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් චීනය සහ ශී‍්‍ර ලංකාව අතර සෞඛ්‍ය, අධ්‍යාපන, සමාජයීය සහ ආර්ථික සංවර්ධනයට අදාළ ගිවිසුම් 04කට අත්සන් තැබීම සිදු කෙරිණි.
     
    චීනයේ වාර්ෂිකව පැවැත්වෙන බොආ ඕ සමුළුවේ විශේෂ ආරාධිත දේශනය සඳහා ඇරයුම් ලැබුනේ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටයි.
     
    රටවල් 15ක රාජ්‍ය නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සමුළුව ඉකුත්දා පැවැත්වූණේ චීනයේ හයිනෑන් ප‍්‍රාන්තයේ බොආ ඕ නුවරදීය.
     
    චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ස්වීඩන අගමැති ස්ටැෆන් ලොෆ්වේන් මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් ද පැවැත්වුණු අතර එහිදී අගමැතිවරයා ප‍්‍රකාශ කර සිටියේ ශී‍්‍ර ලංකාව සහ ස්වීඩනය අතර පවතින ආර්ථික සහ වෙළෙඳ සබඳතා ඉදිරියේදී තවදුරටත් පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බවයි.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් තමාගේත් තම රජයේත් සුභාශිංසන පළ කළ ස්වීඩන අගමැතිවරයා නව රජයේ වැඩපිළිවෙල පිළිබඳව ද තම ප‍්‍රසාදය පළ කර සිටියේය.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya