ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට

    අප්‍රේල් 01, 2015
    සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (01) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.
     
    අතීතයේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර හා නැකැත් අණබෙරකරුවන් මාර්ගයෙන් ගෙයින් ගෙට ගොස් බෙදා දීම සිදු වූ අතර මෙය සිංහල අලුත් අවුරුදු සීට්ටුව නමින් හැදින්විණි. පැරණි ක්‍රමය සිහිගන්වමින් මෙහිදී අනබෙරකරු මාර්ගයෙන් ජනාධිපතිතුමා වෙත නැකැත් චාරිත්‍ර පිළිගැන්විණ.
     
    අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම හා ලිප ගිනි දැල්වීම, ආහාර අනුභව කිරීම, වැඩ අල්ලා ගනුදෙනු කිරීම හා නව වසරේ රැකිය සඳහා පිටත් ව යාම ආදි කරුණු මෙම නැකැත් සීට්ටුවේ ඇතුළත් ව ඇත. 
     
    සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා ද අමාත්‍යංශයේ ලේකම් එච්. ඩී. එස්. මල්කාන්ති, සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ මාධව වත්තේගම, මහජන සම්බන්ධතා නිලධාරි මලිති ඒකනායක, සංස්කෘතික අමාත්‍යංශයේ අධ්‍යක්ෂ විජිත් කණුගල, නෙස්ලේ සමාගමේ අධ්‍යක්ෂ බන්දුල එගොඩගේ යන මහත් මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    ඡායාරූප  -  සුදත් සිල්වා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya