ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත සංදේශයක් බාර දීමට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පූර්ව දැනුම් දීමක් සිදු කර තිබුණේ නෑ

    අප්‍රේල් 01, 2015

    අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත සංදේශයක් බාර දීමට ඇති බවට පූර්ව දැනුම් දීමක් ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සිදු කර නොතිබුණු බව ඊයේ (31) අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කෙරුණු විරෝධතාව පිළිබඳව පළ වූ පුවත් වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරයි.

     

    විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත සංදේශයක් බාර දීමට පැමිණෙන බවට පමණක් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් දැනුම් දීමක් සිදු කර තිබුණු බවත් පෙළපාලියේ ගමන් මග හදිසියේම වෙනස් කොට කොල්ලුපිටිය ප්‍රදේශයට පැමිණි ඔවුහු අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත සංදේශයක් බාර දීමට අවශ්‍ය බැව් දන්වා සිටි බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය සිද්ධිය විස්තර කරමින් කරුණු දක්වා සිටියි.

     

    එම අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අදාළ සංදේශය භාර දීම සඳහා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල නියෝජිතයන් 5 දෙනෙකුට අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණෙන මෙන් ආරාධනා කර සිටියද, ඒ ආරාධනාව නොතකා පොලිසිය සමඟ ගැටීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බව පැහැදිලි කරයි. මෙහිදී ආරාධනාව පරිදි සිය නියෝජිතයන්ට අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණීමට විරෝධතාකරුවන් සාමකාමීව ඉඩකඩ සැලසී නම් මෙවැනි තත්වයක් උද්ගත නොවන බවත් වැඩිදුරටත් ඔවුන් ප්‍රකාශ කර සිටියි.

     

    මෙවැනි අවාසනාවන්ත සිද්ධියක් සිදුවීම පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලය කණගාටුව පළ කර සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya