ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ගිලන් රථ ප්‍රදානයක් ජනපති වෙත ජපන් - ලංකා මිත්‍රත්ව පදනමෙන්

    අප්‍රේල් 02, 2015
    මාතර සමාධි ප්‍රජා සංවර්ධන පදනමේ සභාපති, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ ඉල්ලීමකට අනුව ජපන් - ලංකා මිත්‍රත්ව පදනමේ සභාපති ආචාර්ය ලාල් තිලකරත්න මහතා ඇතුළු ජපන් නියෝජිත පිරිසක් විසින් ගිලන් රථයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත නිල වශයෙන් භාරදීම ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කරන ලදී.
     
    රුපියල් ලක්ෂ 200ක් වටිනා මේ ගිලන් රථය කොළඹ පොලිස් රෝහල වෙත පරිත්‍යාග කිරීම සිදු කිරීමට නියමිතය.
     
    මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
    NDH/pix by Sudatha Silva-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya