ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 06කට අත්සන් තැබේ

    අප්‍රේල් 07, 2015
    පකිස්තානය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර ගිවිසුම් 06කට අත්සන් තැබීම ඊයේ (06) පෙරවරුවේ සිදු විය.
     
    පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ නායක දෙපොළ ඉදිරියේ මෙම ගිවිසුම්වලට අත්සන් තැබිණි. 
     
    පාකිස්තාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායන් අධ්‍යයනය පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානය අතර හුවමාරු හා සහයෝගිතා අධ්‍යයන පිළිබඳ ගිවිසුමකට පළමුව අත්සන් තැබුණි. 
     
    ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ පාකිස්තානයේ ජාතික ආරක්ෂාව හා විදේශ කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශකවරයා එම ගිවිසුමට අත්සන් තැබීය.
     
    මත්ද්‍රව්‍ය, මධ්‍ය ස්නායු පද්ධතියට බලපෑම් කරන මත්ද්‍රව්‍ය හා එවැනි නිෂ්පාදන සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය නීතිවිරෝධී ලෙස ප්‍රවාහනයට එරෙහි ව කටයුතු කිරීම සඳහා සහයෝගිතා ගිවිසුමකට ද දෙරට අතර අත්සන් තැබුණි. 
    ඊට ද ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ පාකිස්තානයේ ජාතික ආරක්ෂාව හා විදේශ කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශකවරයා අත්සන් තැබීය.
     
    ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ පාකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අතර ද අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණි. 
     
    දේශගුණික විපර්යාස පිළිබඳ අංශ අතර ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් අත්සන් තැබුණු මෙම ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා සහ පාකිස්තානය වෙනුවෙන් එරට කාලගුණික වෙනස්වීම් පිළිබඳ අමාත්‍යවරයා අත්සන් තැබීය. 
     
    ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ද දෙරට අතර සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබිණි. ඊට ද ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අත්සන් තැබූ අතර පාකිස්තානය වෙනුවෙන් එරට අන්තර් පළාත් සම්බන්ධීකරණ අමාත්‍යවරයා අත්සන් තැබීය. 
     
    පාකිස්තානයේ නැව් සංස්ථාව හා ශ්‍රී ලංකා නැව් සංස්ථාව අතර ද අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබුණු අතර විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ පාකිස්තාන වරාය හා  නාවික අමාත්‍යවරයා ඊට අත්සන් තැබූහ.
     
    ශ්‍රී ලංකාවේ පරමාණුක බලශක්ති හා පාකිස්තානයේ පරමාණුක බලශක්ති කොමිෂන් සභාව අතර පරමාණුක බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබුණු අතර විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ පාකිස්තාන ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා ඊට අත්සන් තැබීය.
     
    NDH/pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya