ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    දින 100 වැඩපිළිවෙළ සාර්ථකයි - අගමැති

    අප්‍රේල් 07, 2015
    මහින්ද රාජපක්ෂ පාලනයේදී අවුරුදු 10කින් කිරීමට නොහැකි වූ කටයුතු මෛත්‍රී පාලනය යටතේ දින 88ක් තුළ ඉටුකිරීමට හැකි වූ බවත් එය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ විශිෂ්ට වාර්තාවක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
     
    පසුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන ලද දින 100 වැඩපිළිවෙළ යටතේ මේ දින 88 තුළ සිදු කළ වැඩ කටයුතු ගැන සතුටු විය හැකියි. ප්‍රජාතන්ත්‍රවාදය විකෘතියට ලක් කළ යුගයක් පැවති බව අග්‍රාමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශ නිවේදන යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
     
    රජයේ සේවක වැටුප් වැඩිකරමින් අන්තර් දීමනාවක් දුන්නා. විශ්‍රාමිකයනට රුපියල් 3500ක දීමනාවක්, ගැබිණි මවට පෝෂණ මල්ලක් ලබා දෙන්න කටයුතු කළා. බඩු මිල අඩුකළා. ගෑස් මිල අඩු කළා. වී මිලදී ගන්න රුපියල් බිලියර 02ක් වෙන් කර තියෙනවා. බාල පොහොර ගෙන්වීම නැවැත්වුවා. වයිෆයි දුන්නා. තේ, රබර්, කෘෂි නිපැයුම් සදහා සහතික මිලක්, ජූනි මස රුපියල් 5000කින් ලබා දෙන්න තිබෙන මහපොළ ශිෂ්‍යාධාර මුදල මැයි මස සිට ලබා දෙන්න පියවර ගන්නා බවත් අගමැති කීය.
     
    පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරන්න සාකච්ඡා කරමින් පවතිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කම්කරු ඇමතිතුමා ඒ වැඩ කරගෙන යමින් සිටිනවා. ජීවන වියදම පසුගිය කාලයේ දිගින් දිගට ම වැඩිවුණත් මෛත්‍රී පාලනයෙන් ජීවන වියදම අඩු වී යමින් තියෙනවා. දින 100 වැඩපිළිවෙළ යටතේ ප්‍රතිසංස්කරණ ගණනාවකට මුල පිරුවා. මැතිවරණ ක්‍රමය සංශෝධනයට පියවර ගන්නවා. මහා පරිමාණ දූෂණ සෙවීමට වෙනම කාර්යාංශයක් පිහිටුවා ඇති අතර තරාතිරම නොබලා දූෂකයන් නීතිය ඉදිරියට‍ ගෙන එනවා. මේ වසර අවසන් වීමට පෙර යුරෝපා කොමිසම පනවා ඇති ධීවර තහනම අවසන් කරන්න කටයුතු කරනවා. අද ආණ්ඩුව විවේචනය කරන්න නිදහසක් තියෙනවා. අමාත්‍යවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේත් ෆයිල් පෙන්නලා ඔවුන් රූකඩ ලෙස නටවන්නේ නැහැ. නිදහස් තොරතුරු දැන ගැනීමේ අයිතිය අපි ළගදීම ලබා දෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya